FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් ප්‍රභේදය ආසාධිත මරණය වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් |  ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාධිත මරණය වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැඩිහිටි නිවාසයක සිටි 80 හැවිරිදි පුද්ගලයෙකුයි.

ඔහු මීට පෙර කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 02 ක් ලබා සිටි අයෙකු බව නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ සඳහන් කලා.

මේ අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කිව් ආර් කේත භාවිත කිරීම අද සිට නැවතත් අනිවාර්ය වනවා.

ඒ අනුව සිල්ලර වෙළඳසැල් ආදී ස්ථාන වෙත ඇතුලුවීමේදී එය අනිවාර්ය බවයි ප්‍රාන්ත බලධාරීන් සඳහන් කලේ.