FAST NEWS

24×7 Around the Globe

වඳ සැත්කම් ගැන රට ගිනි තියපු බොරුවට මොකද්ද වුනේ?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වඳ සැත්කම් පිළිබඳ සිද්ධිය රටතුළ ආන්දෝලනයක් බවට පත්කරමින් එවක විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුව මහජනතාව මුලාකළ බව අදවනවිට රටහමුවේ අනාවරණ වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබුර් රහුමාන් මහතා පවසනවා.

වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ලවූ වෛද්‍ය ෂාෆි සියාබ්දීන් මහතා හිග වැටුප්ද සමගින් යළි සේවයේ පිහිටවිීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන ඇති තීරණය පිළිබඳ නිවුස් රේඩියෝ වෙත අදහස් දක්වමිනුයි මජිබුර් රහ්මාන් මහතා මේ බව කියා සිටියේ.

නීති විරෝධී ආකාරයෙන් මව්වරුන් වඳ සැත්කම්වලට භාජනය කිරීම ඇතුලූ චෝදනා කිහිපයක් එල්ලවීම හමුවේ අනිවාර්යය නිවාඩු යවා සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ හිටපු ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් ෂාෆි ෂියාබ්දීන් මහතා නියමිත හිග වැටුප්ද සහිතව යලි සේවයේ පිහිටුවන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී ඇති බව ඊයේ අනාවරණ වුණා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතාගේ අත්සනින් යුත් ලිපියක් මගින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වෙතයි මෙම දැනුම්දීම කර ඇත්තේ.