නත්තල් සමයේදී ඔමික්‍රෝන් රැල්ලක්

නත්තල් සමයේදී ඔමික්‍රෝන් රැල්ලක්

(ෆාස්ට් නිව්ස් | ඔස්ට්‍රේලියාව) – අවසන් මොහොතේ නත්තල් තෑගි මිලදී ගැනීමට සහ ගිම්හාන නිවාඩු කාලය තුළ තම පවුලේ අය සමග එක්වීමට සූදානම් වීම සඳහා සාප්පු සංකීර්ණ වෙත රැස්ව සිටින මොහොතක ඔස්ට්‍රේලියාව එකවරම කොවිඩ්-19 හි ඔමික්‍රෝන් ප්‍රභේදයේ රැල්ලකට මුහුණ දී සිටියි.

ආසාදිතයන්ගේ නවතම වැඩිවීම හමුවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දැඩි පීඩාවකට පත්ව සිටියි. බ්‍රහස්පතින්දා, ජාතියේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තයෙන් දේශීයව අත්පත් කරගත් කොවිඩ්-19 ආසාදිතයන් 1,742ක් වාර්තා වූ අතර, එය පෙර දිනයේ වාර්තා වූ 1,360ට වඩා වැඩි වීමකි.

ඒ අනුව මෙම ප්‍රාන්තය මේ සතියේ සෑම දිනකම 50%ක දෛනික වැඩිවීමක් දැක ඇත. ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් මෙම වැඩිවීමට ඔමික්‍රෝන් ප්‍රභේදය ආරෝපණය කර ඇති අතර, ජනවාරි වනවිට දෛනික ආසාදිතයන් 25,000ක් දක්වා ළඟාවිය හැකි බව පුරෝකථනය කර ඇත.