FAST NEWS

24×7 Around the Globe

බැසිල් ලංකාවෙන් පිටව යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පෞද්ගලික සංචාරයක් සඳහා අද අලුයම දිවයිනෙන් පිටව ගියා.

කටුනායක ගුවන්තොටුපොළෙන්, එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරණ යානයෙන් ඔහු මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි.

මේ අතර, පසුගිය දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ ද සංචාරයක නිරත වූ අතර, එහි දී ඔහු එරට මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡා පවත්වනු ලැබුවා.