ගෝඨාභයගේ  මෝර ටැංකියේ දිග පළල මෙන්න…

ගෝඨාභයගේ මෝර ටැංකියේ දිග පළල මෙන්න…

පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂගේ මාළු ටැංකියක් ගැන මාධ්‍ය වාර්තා විවිධ ලෙස පලවිය. ඔහු ඒ ගැන මෙවර ඩේලි එෆ් ටී පුවත්පතට කළ සම්මුඛ සාකච්ඡවකදී හෙළිදරව්වක් කරමින් එය ඇත්තක් බව පවසා තිබෙන අතර තම මානසික ආතතිය අඩු කර ගැනීම මෙහි අරමුණ වූ බවද පැවසිය.
ප්‍රශ්නය – මෝරුන් වැනි විශාල මසුන් ඇති කළ බවට ඔබට චෝදනාවක් තිබෙනවා?

පිළිතුර – බොහෝ නිවෙස්වල සුරතලයට මසුන් ඇති කරනවා. සුරතල් මසුන් ඇති ටැංකියක හා මෝරුන් සිටින ටැංකියක ඇති වෙනස කුමක්ද? නිවෙස්වල කුරුල්ලන් ඇති කරන්නෙ නැද්ද ඇයි මේ වැනි දේවල් පිළිබඳව අපට පමණක් ඇගිල්ල දිගු කරන්නෙ

ප්‍රශ්නය – සුවිශේෂ කුරුල්ලන් සහ මෝරුන් ඇති කිරීමට රජයේ සේවකයෙකු වශයෙන් ඔබ ලද වැටුප ප‍්‍රමාණවත්ද?

පිළිතුර -සුවිශේෂ කුරුළු වර්ග මා සතුව නැහැ. රජයේ සේවකයෙකුට මාළු ටැංකියක් තබාගත නොහැකිද.(සිනාසෙයි…එකී වකවානුවේ මා ලද එකම ශාන්තිය එය පමණයි. මේ සියල්ල සිදුවූ ආකාරය ගැන පැවසීමට මට අවස්ථාවක් දෙන්න.

දිනක් මා හමුවූ එක්තරා පුද්ගලයෙකු මට මෙලෙස පැවසුවා. සර් ඔබ හැමවිටම ගත කරන්නේ නිවසේ නැතිනම් කාර්යාලයේ විනා බැහැරට යන්නේ නැහැ. නිවසේ මාළු ටැංකියක් තබාගැනීම සිත සන්සුන් කරගැනීමට කදිම මාර්ගයක්. එමගින් ඔබේ ආතතිය අවම කරගත හැකියි කියලා.

එය ඉතා විශාල මාළු ටැංකියක්. එය මගේ නිවසට රැගෙන ආ දිනයේ සිට වසර ගණනක් එහි සියලූ නඩත්තු කටයුතු සිද්ධ කළේ එම පුද්ගලයා. දැන් එය මගේ නිවසේ නැහැ. ඔහු බොහෝ අයට මාළු ටැංකි ලබාදී තිබෙනවා.

මෙකි මොර ටැංකියේ දිග පළල නිවුස් ෆාස්ට් වන අප වෙත වාර්තා විය.

මෝර ටැංකියේ දිග අඩි 38කි. පළල අඩි 10කි. උස අඩි 8කි. ෆිල්ටරයේ ප‍්‍රමාණය 10×10කි. ටැංකියේ ජල ධාරිතාව ගැලූම් 65,000කි. ටැංකිය ආලෝකවත් කිරීමට දිවා රැ දැල්වෙන වොට් 7500 විදුලි පහන් 6ක් යොදා ඇත.

ගැලූම් 65,000ක ජල ධාරිතාවක පීඩනයට හා මධ්‍ය ප‍්‍රමාණයේ මෝරුන්ට ඔරොත්තු දෙන ජල ටැංකියක් හැදීම සඳහා යොදාගත යුතු වීදුරුවල ඝනකම කොතෙක්දැ’යි අනුමාන වශයෙන් සිතාගත යුතුය.

ටැංකිය පිරිසිදු කිරීම, මෝරුන් නඩත්තු කිරීම හා බවුසර්වලින් ගෙනෙන අලූත් මුහුදු ජලයෙන් ටැංකිය පිරවීම යන කාර්යයන් භාරදී තිබී ඇත්තේ නාවික හමුදාව මගින් සිදුකල බවටයි මේ වන විට ඔහුට චෝදනා ලැබී තිබෙන්නේ.