FAST NEWS

24×7 Around the Globe

සියදිවි හානි කර ගැනීමට යන්ත්‍රයක්

(ෆාස්ට් නිව්ස් |  ස්විට්සර්ලන්තය) – මිනිත්තුවකට අඩු කාලයකදී සාපේක්ෂව වේදනා රහිත මරණයක් සිදු කළ හැකි මිනී පෙට්ටියක හැඩැති කැප්සියුලය ස්විට්සර්ලන්තයේ නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නීතිමය අවසරයක් සහිතව මෙය භාවිතා කළ හැකි බව ද එහි නිෂ්පාදක පිරිස සඳහන් කරයි.

මෙම කැප්සියුලය තුළ මරණය සිදුවන්නේ හයිපොක්සියා සහ හයිපොකැප්නියාව හරහා ඔක්සිජන් ප්‍රමාණය තීරණාත්මක මට්ටමකට අඩු කිරීමෙනි.

මෙම යන්ත්‍රය භාවිතා කරන පූර්ණ ලෙස මාංශ පේශි චලනය කළ නොහැකි පුද්ගලයෙකුට පවා ඇසිපිය හෙළිම මගින් වූවද යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතියි

මෙම යන්ත්‍රය නිපදවා ඇති එක්සිට් ඉන්ටර්නැෂනල් (Exit International) සමාගම පවසන ආකාරයට සමාගම පසුගිය වසරේ ස්විට්සර්ලන්තයේ දිවි නසාගැනීම් හේතුවෙන් පුද්ගලයන් 1,300ක් පමණ මිය ගොස් ඇත