FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් එන්නතක් නිසා රුධිරය කැටි ගැසෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත හරහා සිදුවන අතිශය දුර්ලභ රුධිර කැටි ගැසීමට හේතුව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් කරුණු අනාවරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පරීක්ෂණය සිදුකර ඇත්තේ බ්‍රිතාන්‍යයේ කාර්ඩිෆ් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් විසින්.

ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා සහිත පුද්ගලයින්ගේ රුධිරයේ ඇති ප්‍රෝටීන විශේෂයක් එන්නතේ සංඝටයක් සමග ප්‍රතික්‍රියා කිරීම ඊට හේතු වී ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

බ්‍රීතාන්‍ය පුරවැසියන්ගෙන් අවරුදු 40 ට අඩු බහුතරයකට ලබාදී තිබුණේ ඇස්ට්‍රාසෙනිකා එන්නතයි.