FAST NEWS

24×7 Around the Globe

පුපුරන්නේ ලිපයි.. – තිස්ස කුට්ටි කියන කතාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෑස් ආශ‍්‍රිත ගිනි ගැනිම් සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුත්තේ ගෑස් ලිප සම්බන්ධයෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ගෑස් පුපරන බවට හැමතැනම වැරදි කතාවක් යන බවත් කිසිම තැනක ගෑස් පිපිරීමක් සිදු වනු නැති බවත් පුපුරා ඇත්තේ ගෑස් ලිප බවත් ඒ මහතා පැවසීය.

ඉතාමත්ම පැහැදිලිව ප්‍රශ්නය ඇත්තේ ගෑස් ලිප සම්බන්දව බවක් ලිප ගැන පරීක්ෂණ ආරම්භ කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

තැන තැන ගෑස් ගිනි ඇවිලීම් සම්බන්ධයෙන් මාධ්‍ය කල විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙම තත්වය බඩේ කැක්කුම තියෙද්දී කකුල් කැක්කුමක් ගැන කතා කරනවා වැනි තත්ත්වයක් බවද ඔහු සඳහන් කළේය.