FAST NEWS

24×7 Around the Globe

වත්මන් රජය ඇමතිකම් හතර අතේ හතර පොලේ බෙදලා..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වත්මන් රජයේ අමාත්‍යංශ බෙදා ඇත්තේ හතර පොලේ හතර අතේ බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කළහ.

මෙය ආණ්ඩුවේ වියවුලට ප්‍රධානතම හේතුව බවද උන්වහන්සේ පැවසූහ.

අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් රතන හිමියන් මෙසේ සඳහන් කළහ.

පැවැති යහපාලන ආණ්ඩුවේ ඇමැතිකම් බෙදුවේ මේ ආකාරයට අවිද්‍යාත්මකව යයිද පැවසූ උන්වහන්සේ මේ ආකාරයට කටයුතු සිදුවෙද්දී නිවැරදි තීන්දුවක් ගෙන ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළහ.