FAST NEWS

24×7 Around the Globe

මෛත‍්‍රී රකින්න ශ‍්‍රීලනිප හදිසි රැස්වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සහ එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවේදී එල්ල කළ චෝදනාවලට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව ඉදිරි සතියේ පක්‍ෂයේ දේශපාලන බල මණ්ඩලය රැස්වී තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පැවසීය.

මෙම සාකච්ඡාව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේදී පැවැත්වීමට තීරණය කර ඇති බවද තවදුරටත් වාර්තාවේ.