FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකාව ඇතුලු රටවල් 09 කින් ඔස්ට්‍රේයාවට ඇතුලුවීම තහණම්

(ෆාස්ට් නිව්ස් |  ඔස්ට්‍රේයාව) – ඔමික්‍රොන් ලෙස නම් කල නව කොරෝනා දරුණු ප්‍රභේදය රටට ඇතුලුවීම වළක්වාලීම සඳහා ඔස්ට්‍රේයාවට විසින් නව පියවර 05 ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාව ඇතුලු අප්‍රිකා මහද්වීපයේ රටවල් 09 ක සිට පැමිණෙන සංචාරකයන්ට ඔස්ට්‍රේයාවට ඇතුලුවීමට අවසර ලැබෙන්නේ නැහැ.

එම රටවල සිට පැමිණෙන ඔස්ට්‍රේයානු පුරවැසියන්ට හා ස්ථිර පදිංචිකරුවන්ට රටට පැමිණිය හැකි නමුත් ඔවුන් වහාම දින 14 ක නිරෝධායනයට යොමුවිය යුතුයි.

අදාළ රටවල් 09 සිට පැමිණෙන සිසුන්ට මෙන්ම නිපුණතා ශ්‍රමිකයන්ට ඔස්ට්‍රේයාවට පැමිණිය හැකි නමුත් ඔවුන්ද දින 14 ක් නිරෝධායනය විය යුතුයි.

දැනටමත් ඔස්ටේ්‍රලියාව තුළ සිටින ගතවූ දින 14 තුළදී අදාළ රටවල් 09 සිට පැමිණි පුද්ගලයන් වෙතොත් ඔවුන් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවී දින 14 ක් හුදකලාව සිටිය යුතු වනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහත රටවල් 09 සමග සිදු කෙරෙන ගුවන් ගමන් වහා නතර කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් කියාසිටියේ.