ඇමරිකාවේ නිව්යෝක් නුවර ගුවන්තොටුපලේ ආරක්ෂාව තර කර තිබේ. එයට හේතුව එම ගුවන්තොටට පැමිණෙන ගුවන් යානා වලට රසායනික අවි ප්‍රහාරයක් එල්ලෙවෙනු ඇතැයි පවසමින් පැමිණෙන දුරකථන ඇමතුම් වේ.
දැනට අවස්ථා පහකදී මෙලෙස දුරකථන ඇමතුම් නිව්යෝක් නුවර ගුවන්තොටුපලට පැමිණ තිබේ.
ඉන් ආසන්නම අවස්ථාව වන්නේ ප්‍රංශයේ සිට නිව්යෝක් නුවර ගුවන්තොටුපට පැමිණි A-330 නමැති ගුවන් යානයට රසායනික අවි ප්‍රහාරයක් එල්ල විය හැකි බවට දුරකථන ඇමතුමක් නිව්යෝක් ගුවන් තොටට ලැබීමයි.
එම ඇමතුම හේතුවෙන් ප්‍රංශයේ සිට පැමිණි A-330 ගුවන් යානය නිව්යෝර්ක් ගුවන්තොටට ගොඩබැස්විමට පෙර තවත් ප්‍රහාරක ගුවන් යානා දෙකකින් ගුවනේදී එම යානාවට සමාන්තරව ගමන් කර තිබේ.
පසුව එම යානය ගොඩබැස්විමෙන් අනතුරුව ගුවන් යානය විශේෂ පරික්ෂාවක ලක් කර ඇත.
කෙසේ වෙතත් නිව්යෝර්ක් ගුවන්තොටුපල බලධාරීන් පවසන්නේ මෙම දුරකතන ඇමතුම් වල සත්‍ය අසත්‍යතාවය කුමක් වුවත් මඟීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුන් ඕනෑම කැපකිරීමක් සිදු කරනු බවයි.








