FAST NEWS

24×7 Around the Globe

ලිබියානු හිටපු අගමැතිත් ජනාධිපතිවරණය සටනට

(ෆාස්ට් නිව්ස් |  ලිබියා) – ලබන මස පැවැත්වීමට නියමිත ලිබියාවේ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව ලිබියානු හිටපු අගමැති අලි සෙයිඩාන් නිවේදනය කළේය.

ලිබියාවේ ස්ථාවරත්වය ගෙනඒම සඳහා එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලබන ලිබියානු දේශපාලන සංවාද සංසදය විසින් සම්මත කරන ලද මාර්ග සිතියමක කොටසක් ලෙස ලිබියාව මෙම වසරේ දෙසැම්බර් 24දා ජනාධිපතිවරණය පැවැත්වීමට සැලසුම් කරයි.