FAST NEWS

24×7 Around the Globe

ඉරාක අගමැතිව ඉලක්ක කර ගුවනින් ප්‍රහාරයක්

(ෆාස්ට් නිව්ස් |  ඉරාකය) – ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමිගේ නිවස ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාට ඉන් තුවාල සිදුව නොමැති බවයි.

අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමේ අරමුණින් එම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි එරට ආරක්ෂක අංශ පවසනවා.

ප්‍රහාරයේ වගකීම, මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති බවද වාර්තා වනවා.