FAST NEWS

24×7 Around the Globe

චීනයේ අවු.3 – 11ත් අතර දරුවන් එන්නත්කරණයට

(ෆාස්ට් නිව්ස් | චීනය) – චීනයේ අවුරුදු 3ත් – 11ත් අතර වයස් කාණ්ඩයන්හි පසුවන රටපුරා සිටින දරුවන් එන්නත්කරණයට ලක්කිරීමේ වැඩසටහනක් අරඹා තිබේ.

වසංගතයට එරෙහි සියලු වයස් කාණ්ඩයන්හි සිටින පිරිස් එන්නත්කරණයට ලක්කරමින් ප්‍රජා ප්‍රතිශක්තීකරණය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා චීනය ප්‍රශස්ත ලෙස කටයුතු කරයි.

එසේම චීනයේ නිෂ්පාදිත එන්නත් ඔවුන් මෙම වැඩසටහන සඳහා යොදාගන්නා අතර, ජනතාවද එන්නත්කරණය සඳහා තම දරුවන් නොමසුරුව සම්බන්ධ කරවන බව චීන මාධ්‍ය පෙන්වා දෙයි.