අලි සබ්රිට පෞද්ගලිකව හිත රිදුනද?

අලි සබ්රිට පෞද්ගලිකව හිත රිදුනද?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළ එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ලෙස ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පත් කිරීම පිළිබඳ අධිකරණ අමාත්‍ය අලි සබ්රි දැනගෙන හිටියේ නැති බව සඳහන් වෙනවා.

ඒ වාර්තාව අනුව මේ ගැන අධිකරණ ඇමතිවරයාගෙන් විමසුවාම ඔහුම කියා තියෙනවා. ‘මම ඒ තීන්දුව ගැන සතුටු වෙන්නේ නැහැ’ යනුවෙන්. තමන් තීන්දුව ගැන දැන නොසිටි බවත් අලි සබ්රි කියලා.

ඒ වාර්තාවේ තියෙන හැටියට අධිකරණ අමාත්‍යවරයා මේ ගැන ඉන්නේ නොසතුටෙන්. නීතිය පිළිබඳ ප්‍රවීණයෙක් නොවන, ප්‍රකට මුස්ලිම් විරෝධී ජාතිවාදී භික්ෂුවක් නීති කෙටුම්පත් කරන කාර්යසාධක බලකායක ලොක්කා කළාම, මුස්ලිම් ජාතිකයෙකුත් වන අධිකරණ අමාත්‍යවරයා නොසතුටෙන් ඉඳීම පුදුමයකුත් නෙවෙයි.

ඒ වුණත් 2015-2019 කාලයේ ගෝඨාභය රාජපක්ෂට තිබුණු චෝදනාවලින් නඩු කන්නේ නැතිව බේරා දී, අධිකරණ නියෝග අරන්, වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ආරක්ෂාව සැපයූ අලි සබ්රිට මෙහෙම කළාම, ඔහුට පෞද්ගලිකවත් හිත් රිදීමක් ඇති වෙනවා ඇති.