FAST NEWS

24×7 Around the Globe

විශාලතම මත් ද්‍රව්‍ය තොගය ලාඕසයෙන්

(ෆාස්ට් නිව්ස් | ලාඕස්) – දකුණු හෝ නැගෙනහිර ආසියානු රටකින් සොයාගත් විශාලතම මත් ද්‍රව්‍ය තොගය ලාඕසයෙන් හමුවී තිබෙනවා.

මත් පෙති මිලියන 55 ක් සහ තවත් මත්ද්‍රව්‍ය ටොන් 1.5 ක් ට්‍රක් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී සිය භාරයට ගැනීමට එරට පොලිස් නිලධාරීන් සමත්ව ඇතැයි සඳහන්.

මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ තායිලන්ත හා මියන්මාර දේශසීමාව ආසන්න ප්‍රදේශයේදියි.

රන් ත්‍රිකෝණය නමින් හැඳින්වෙන එම ප්‍රදේශය මත්ද්‍රව්‍ය නිපදවීම සඳහායි ප්‍රකටව පවතින්නේ.