FAST NEWS

24×7 Around the Globe

සුළි කුණාටුවකින් පිලිපීනයට දැඩි බලපෑම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පැයට කිලෝමීටර් 100ක වේගයකින් හමා යන කොම්පාසු සුළි කුණාටුවෙන් පිලිපීනයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

සුළි කුණාටුවේ බලපෑමෙන් මේ වනවිට 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 11 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පුද්ගලයින් 2000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට කටයුතු කර ඇති අතර, ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා සහන කණ්ඩායම් රැසක් හදිසි සේවයට කැඳවා ඇති බවයි විදෙස් වාර්තා කියා සිටියේ