දින 107කට පසු සිඩ්නි නුවර ඇරේ

දින 107කට පසු සිඩ්නි නුවර ඇරේ

(ෆාස්ට් නිව්ස් |  සිඩ්නි) – ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට පනවා තිබූ ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ දින 107කට පසුවයි.

ඒ අනුව සිඩ්නි නුවර ආපනශාලා, අවන්හල් සහ ව්‍යායාම් මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමට අවසර හිමව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් එම ස්ථාන වෙත ඇතුළු වීමට අවසර හිමිවන්නේ පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින පුද්ගලයින්ට පමණක් බවයි එරට බලධාරීන් පවසා සිටියේ.

මෙම ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමත් සමඟ සිඩ්නි වැසියන් නිදහස සහ සතුට භුක්තිවිඳිමින් බලධාරීන්ට ස්තූතිය පළකර සිටියා.

COMMENTS

Wordpress (0)