FAST NEWS

24×7 Around the Globe

2021 නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදින් දෙදෙනෙකුට හිමිවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොකයේ වඩාත්ම පිළිගැනීමට ලක්ව ඇති ගෞරවනීය සම්මානය ලෙස සැලකෙන නොබෙල් සාම ත්‍යාගය 2021 වසර වෙනුවෙන් දිනාගනු ලැබුවේ‍ මාධයවේදීන් දෙදෙනෙකි.

පිලිපීනයේ සත්‍ය හෙළි කරන අන්තර්ජාල බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගිය මාරියා රෙසා සහ රුසියාවේ නිදහස් මාධ්‍ය වේදියෙකුවූ දිමිත්‍රි මුරතොව් 2021 නොබෙල් සාම ත්‍යාගය දිනා ගත්හ.

මේ දෙදෙනාම සත්‍ය වාර්තා කිරීමට ගොස් විවිධ ගැටලු වලට මුහුණදීම ගැන ජයග්‍රහණය නිවේදනය කරන වේලාවේ ඇගයුමට ලක්විය.

මෙහිදී පදක්කම් සහ ඩොලර් මිලියනයක මුදල් ත්‍යාග දෙදෙනාට හිමි වෙති.

අද (08) මීට මොහොතකට පෙර නොර්වේහි ඔස්ලෝ නුවරදී නෝර්වීජියානු නොබෙල් කමිටුවේ සභාපති බෙරිට් රෙයිස්-ඇන්ඩර්සන් ජයග්‍රාහකයන්ගේ නම් නිල වශයෙන් දන්වා සිටියේය. නොබෙල් සාම ත්‍යාග කීපදෙනෙකු අතර බෙදී ගිය තෙවන අවස්ථාව මෙයයි.
පසුගිය වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනාගත්තේ ‘ලෝක ආහාර වැඩසටහන යි. විශේෂයෙන් ගැටුම් පවතින ප්‍රදේශ සඳහා ගෝලීය සාගිනි නිවීමට ගත් උත්සාහය වනුවෙන් ය.