FAST NEWS

24×7 Around the Globe

අවශ්‍ය නම් රජයෙන් පැයෙන් පැය ගැසට් ගහනවා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් දිනපතා ගැසට් නිවේදන නිකුත් කිරීමට වුවද රජය සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.