FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාව කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් අපනයනය යළි අරඹයි

(ෆාස්ට් නිව්ස් |  ඉන්දියාව)- ඉන්දියාව කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් අපනයනය ලබන මාසයේ යළි අරඹයි.

ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා වන ඉන්දියාව පසුගිය අප්‍රේල් මාසයේ එන්නත් අපනයනය අත්හිටුවීය. එරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග නිපදවන එන්නත් මාත්‍රා රටතුළ භාවිතයට යොදා ගැනිම ඊට හේතුවයි.

විශේෂ රාජ්‍ය නායක හමුවකට සහභාගි වීම සදහා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඊයෝ වොෂිංටනයට ළගා විය. එක්සත් ජනපදය. ඉන්දියාව.ජපානය හා ඔස්ට්‍රේලියාව යන රටවල රාජ්‍ය නායකයෝ ඊට සහභාගි වෙති.

එන්නත් අපනයනය පිළීබඳව ඉන්දිය අගමැතිවරයා එහිදි කරුණු ඉදිරිපත් කිරිමට නියමිතයි.