FAST NEWS

24×7 Around the Globe

මෙරට විදේශ සංචිත ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ගතවූ අගෝස්තු මාසය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 3.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට වෙන් කර ඇති විශේෂ ආදාන හිමිකම්වලින් ඩොලර් මිලියන 800ක් පමණ ලැබීමත් සමඟයි.

ඊට අමතරව බංග්ලාදේශයෙන් විනිමය හුවමාරු වැඩසටහන යටතේ මහ බැංකුවට ඩොලර් මිලියන 150ක මුදලක් අගෝස්තු මාසයේදී ලැබී තිබෙනවා.

මෙම තුළු ගලනයන් සමඟින් මෙරට නිල විදේශ සංචිතය ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු දත්ත මගින් පෙනී යන්නේ.