ඇමෙරිකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය කරවීම සඳහා ෂේන් වෝන්ගේ නායකත්වය යටතේ ෂේන් වොරියර්ස් කණ්ඩායම සහ සචින් තෙන්දුල්කාර්ගේ නායකත්වය යටතේ සචින් බ්ලාස්ටර් කණ්ඩායම අතර පැවත්වෙන තරග තුනකින් යුත් තරගාවලියේ දෙවන තරගය ද මීට ටික වේලාවකට කළින් ජය ගත් වෝන් වොරියර්ස් කන්ඩායම තරගාවලිය ජය ගැනීමට සමත් විය.
අද තරගය හුස්ටන් හී දී පැවති අතර කාසියේ වාසිය දිනූ සචින්ගේ කණ්ඩායමේ ආරාධනය පරිදි පළමුව පන්දුවට පහර දුන් වෝන්ගේ කණ්ඩායම සිය පන්දු ඕවර් 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 262 ක් ලබා ගැනීමට සමත් විය.සුපිරි ඉණිමක් ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර ලකුණු 70 ක් ලබා ගත් අතර ඕ සදහා පන්දු 30 ට මුහුණ දී හයේ පහර හයක් සහ හතරේ පහර හයක් එල්ල කරන්නටද සංගක්කාර සමත් විය.ජැක් කාලිස් ලකුණු 45 ක් ද රිකී පොන්ටින් ලකුණු 41 ද් රැස් කරන්නට සමත් විය.
මහේල ජයවර්ධන කඩුල්ල පිටුපස සිට කඩුලු රැකිමේ නුහුරු කාර්යය ඉටු කිරීමේ වගකීම භාරගෙන තිබිණ.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සචින්ගේ කණ්ඩායම වෙනුවෙන් මුල් පෙළ පිතිකරුවන්ට වැඩි යමක් කළ නොහැකි වුව ද ෂේන් පොලොක් ලකුණු 55 ක් ලබා ගත්තේ පන්දු 22 දී එක් හතරේ පහරක් සහ හයේ පහර හතක් ද සමඟ ය.
පන්දු ඕවර් 20 නිමා වන විට ඔවුන්ට පබා ගත හැකි වූයේ කඩුලු 8 ක් දැවී ලකුනු 205 ක් පමණක් බැවින් වෝන්ගේ කණ්ඩායමට ලකුණු 57 ක් ජයක් හිමි විය.
පන්දු යැවීමේදී ඇන්ඩෘ සිමන්ඩ්ස් කඩුලු හතරක් ලබා ගත් අතර ඔහු ඒ වෙනුවෙන් ප්‍රතිවාදීන්ට ලකුණු 70 ක් ලබා දුන්නේය.






