චීනය එක් තීරයක් එක් මාවතක් හවුල්කාරීන් වෙත කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 350 ක් පරිත්‍යාග කර ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි. චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය වන්ග් යී මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ජුනි මස පැවති එක් තීරයක් එක් මාවතක් පිළිබඳ ආසියා ශාන්තිකර ඉහළ පෙළේ සමුළුවේ දී එම වැඩ පිළිවෙලට සම්බන්ධ හවුල්කාරීන් සමග කොවිඩ් 19 එන්නත් සහයෝගතා පිළිබඳ ඒකාබද්ධ වැඩ පිළිවෙලක් ආරම්භ කෙරිණ.චීනය ඊට ක්‍රියාකාරී පියවර ගනිමින් එන්නත් මාත්‍රා මිලියන 750 ක් බෙදාදීමට කටයුතු සම්පාදනය කළේ ය. ඉන් මිලියන 350 ක් දැනටමත් බෙදා දී ඇතැයි චීන විදේශ අමාත්‍යංශය සඳහන් කරයි. සම අනුග්‍රාහකයන් සිව් දෙනෙකු සමග එන්නත් ඒකාබද්ධ නිෂ්පාදනයට චීන සමාගම් පියවර ගෙන ඇත. සෙසු රටවල් සමගද ඒකාබද්ධ නිෂ්පාදනයන්ට අදාළ සාකච්ඡා සිදු කෙරේ.
චීනය කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 350 ක් පරිත්‍යාග කර අවසන්









