FAST NEWS

24×7 Around the Globe

අලුත් දරුවාට කරිනා නමක් තියෙලා

මීට සති අටකට පෙර කරිනා කපූර් විසින් බිහිකළ අලුත් දරුවාට නමක් තබා තිබෙන බව ඇයගේ පියා වූ රන්දිර් කපූර් මාධ්‍යයට පවසා ඇත. කරිනා අලුත උපන් දරුවාට ජේ අලි ඛාන් ලෙස නම තබා ඇත.

මෙම නම තවමත් නිල වශයෙන් කරිනා හෝ සායිෆ් ප්‍රසිද්ධ කර නොමැති අතර, කපූර් පවුලෙන් ලැබෙන වාර්තාවලට අනුව කරිනාගේ දෙවැනි දරුවාට මේ වනවිට ජේ ලෙස නම තබා අවසන්ව ඇති බවය‍. සායිෆ් හා කරිනාගේ මුල්ම දරුවා වන තයිමුර් මේ වනවිට සිවුවැනි වියෙහි පසුවන බව දැන ගැනීමට ලැබේ.