FAST NEWS

24×7 Around the Globe

චීනයේ ගොඩනැගිල්ලක් කඩා වැටී 17 ක් මරුට

චීනයේ සුෂෝහි හෝටලයක් සහිත ගොඩනැගිල්ලක් කඩා වැටී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 17 දක්වා ඉහළගොස් ඇති බවය.

පැය 36කට අධික කාලයක සිට මුදාගැනීමේ කණ්ඩායම් විසින් මෙහෙයුම් සිදුකරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් 6 දෙනෙකු බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත් වී තිබේ.

අදාළ ගොඩනැගිල්ලේ මෑතකාලීනව සිදුකළ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් එය කඩා වැටීමට ලක්වී ඇති බව සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.