FAST NEWS

24×7 Around the Globe

දුමින්ද සිල්වා නිදහසින් පසු අගමැති හමුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ හමුවී තිබේ.

අරලියගහ මන්දිරයේ දී තමන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ බව දුමින්ද සිල්වා මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කියා සිටී.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාර ගත කර සිටියදී ජනාධිපති විශේෂ සමාව යටතේ දුමින්ද සිල්වා මහතා නිදහස ලැබීය.

ඉන් අනතුරුව ඔහු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ඇත්තේ ඊයේ දිනයේදීය.