FAST NEWS

24×7 Around the Globe

බතික් ඇමති ඉල්ලා අස්වීමට සූදානමින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමා ඉල්ලා අස්වීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශයක් කළ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඊයේ (ජූලි 8) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

“මම ප්‍රකාශයක් කළා අපේ පාර්ලිමේන්තු කණ්ඩායමට, මම ඉල්ලා අස්වීම වෙන්න සූදානම්, ඒක භාර අරන් කවුරුහරි වැඩ කරනවා නම් වැඩ කරන්න කියලා. ඒකට මගේ එකඟතාව තියෙනවා. කවුරුත් ඉල්ලන නිසා නෙමෙයි. අපේ පක්ෂය තීන්දු කරනවා නම්, පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කරනවා නම්, පක්ෂ නායකතුමා කියනවා නම් කරුණාකරලා අයින් වෙන්න කියලා‍ මම අයින්වෙලා ඒක දෙන්න සූදානම්. කිසි ගැටලුවක් නෑ. මේ වගේ හැමදා ම ඉන්න බලාපොරොත්තුවක් නෑ.”

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේ ය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්නම් අද මේ ආණ්ඩුවත් නෑ, ජනාධිපතිතුමත් නෑ ඇත්ත වශයෙන් ම.”