FAST NEWS

24×7 Around the Globe

රුපියල් 1,000 සමරු කාසියක්

ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහ ආණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 65වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ සමරු කාසියක් නිකුත්කර තිබේ.

ඒ සඳහා නිකුත් කළ රුපියල් 1,000 සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (06) පස්රුවේ පිළිගන්වනු ලැබීය.

දෙරට අතර දිගු මිත්‍රත්වය සහ අන්‍යොන්‍ය සබඳතාවයට විශේෂ ගෞරවයක් ලෙස මෙම සමරු කාසිය නිකුත් කර තිබේ.