FAST NEWS

24×7 Around the Globe

කොදෙව් නායකයා විස්සයි විස්ස පරාජයට හේතු කියයි.

බටහිර ඉන්දීය කොදෙව් පිල ක්‍රීඩා කළේ විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින ශ්‍රී ලංකාවට එරෙහිව බවත් අංක එකේ සිටින්නේ මක්නිසාද කියා ශ්‍රී ලංකාව හොඳින් ප්‍රදර්ශනය කළ බවත් පල්ලෙකැලේදී පෙරේදා අත්වූ විස්සයි20 ක්‍රිකට් පරාජයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී කොදෙව් නායක ඩැරන් සැමී කියා සිටියේය.

පළමු ඕවර හයේ සිටම පීඩනයට යටත්ව සිටි තම කණ්ඩායම තරගය ග්‍රහණය කර ගැනීමට නිරතුරුවම උත්සාහ කළ බවත් තම කණ්ඩායම මාස දහයක පමණ කාලයක් විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩා නොකිරීම නිසා තරගයට අවශ්‍ය ජවය ගැනීමට නොහැකි වූ බවත් සැමී කීවේය.

ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 2කට සහභාගි වීම පිණිස දිවයිනට පැමිණ සිටින කොදෙව් කණ්ඩායම මෙතෙක් පැවැති එකම තරගයක් හෝ ජය ගෙන නැත. ඔවුන්ගේ මේ ශ්‍රී ලංකා සංචාරය ලබන 11 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයෙන් අවසන් වෙයි.

“කොළඹ තරගය ජය ගෙන විස්සයි20 තරගමාලාව සමකර ගෙන මේ සංචාරය ජයග්‍රාහී සටහනකින් අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි” ඩැරන් සැමී ප්‍රකාශ කළේය.