FAST NEWS

24×7 Around the Globe

කැනඩාවේ ස්ථාන 130 ක ලැව්ගිනි

(ෆාස්ට් නිව්ස් | කැනඩාව) – කැනඩාවේ බටහිර ප්‍රදේශයේ ස්ථාන 130 කින් මේ වන විට ලැව්ගිනි වාර්තා වෙයි. ඉන් බහුතරයක් හටගෙන ඇත්තේ අකුණු හේතුවෙනි.

ලැව් ගිනි වැඩි වශයෙන් වාර්තා වන බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ ලැව් ගිනි මැඩලීම සඳහා කැනඩා රජය හමුදා ගුවන් යානා ද යොදවා තිබේ.

ලැව් ගිනි හෙතුවෙන් ලයිටන් ප්‍රාන්තයට ද දැඩි හානි සිදුවිය. පසුගිය අගහරුවාදා එම ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේ අංශක 49 දක්වා ඉහළ ගොස් තිබිනි. එය ලැව් ගිනි පැතිර යාමට හේතු වු බැවින් ප්‍රාන්ත ජනතාවට පසුගිය බදාදා සිය ඇදිවත පමණක් රැගෙන ආරක්ෂා සහිත ස්ථාන කරා යාමට සිදුවිය.