FAST NEWS

24×7 Around the Globe

ශානි පෙන්ෂන් පොලිස් ආරක්ෂාව ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පෙරේදා (30 දා) සිට පොලිස් සේවයෙන් විශ‍්‍රාම ලබා ඇත.

සිරගතව සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සමග ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක යෙදුණු ශානි අබේසේකර පසුගිය සිකුරාදා (25 දා) පොලිස්පති සහ මානව හිමිකම් කොමිසම වෙත සංදේශයක් යවමින් තමාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බව දක්වමින් පොලිස් ආරක්ෂාව ඉල්ලා තිබේ.

2020 ජුලි 31 දා කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් බොරු සාක්කි නිර්මාණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගනු ලැබූ ශානි අබේසේකර පසුගියදා ඇප මත මුදාහරිනු ලැබීය.

මේ අතර ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ ශානි අබේසේකරට දේශපාලන රැකවරණ දීමට ස්විට්සර්ලන්තය, ඇමෙරිකාව සහ යුරෝපා සංගමය ඉදිරිපත් වී ඇති බවයි.

ඔහු මේ වනවිට වයස අවුරුදු 60 ක් සම්පූර්ණ කර තිබේ.

ශානි අබේසේකර 1986 දී උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවාවට එක් විය.