යොවුන් ක්‍රිඩක දසුන් ශානක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අද (11) පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තිබේ.
ඒ, අබාධයකට ලක් වු බිනුර ප්‍රනාන්දු වෙනුවටයි.
දෙරට අතර පැවැති පළමු තරගය, ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 30 කින් ජය ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි පන්දුවාර 20 යි 20 තරගය අද රාත්‍රියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පැවැත් විමට නියමිත ය.






