FAST NEWS

24×7 Around the Globe

මුව ආවරණයක් නොපැළඳි ඔස්ට්‍රේලියා උප අගමැතිට දඩ මුදලක්

(ෆාස්ට් නිව්ස් |  ඔස්ට්‍රේලියාව) – මුව ආවරණ නොපැළඳ නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ උප අගමැති බාර්නබි ජොයිස් ට ඩොලර් 200 ක දඩ මුදලක් නිකුත් කර තිබෙනවා.

නිවු සවුත් වේල්ස් හි ඉන්ධන පිරවුම්හලකින් පෙට්‍රල් මිළයට ගැනීමේදී ඔහු මුව ආවරණයක් පැළඳ සිට නොමැති බව සඳහන්.

නිවු සවුත් වේල්ස් ඇතුලු ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත රැසක් මේ වනවිට කොවිඩ් පාලනය කිරීමේ දැඩි අර්බුදයකට මුහුණදී සිටින අතර ඒ අනුව සියලු ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය වනවා.

එහෙත් උප අගමැතිවරයා එලෙස මුව ආවරණයක් පැළඳ නොමැති බව දුටු පුද්ගලයෙකු ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට පැමිණි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සී සී ටී වී දර්ශන පරීක්ෂා කර ඔස්ටේ්‍රලියාවේ උප අගමැති බාර්නබි ජොයිස් ට මෙම දඩ මුදල නියම කර ඇති බවයි එරට වාර්තා කියාසිටියේ.