FAST NEWS

24×7 Around the Globe

බංගලාදේශයේ දැඩි සංචරණ සීමා

(ෆාස්ට් නිව්ස් | බංගලාදේශය) – බංගලාදේශයේ දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව අද සිට දින 7 ක් එරට ජනතාවට නිවසින් බැහැරට යාහැක්කේ අත්‍යවශ්‍ය කටයුත්තකට පමණි. එරට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වේගවත්වීම හේතුවෙන් බලධාරීන් එම තීරණය ගෙන තිබේ.

සංචරණ සීමා අද සිට ක්‍රියාත්මක කිරීමට කලින් සැලසුම් කර තිබුණද එය බ්‍රහස්පතින්දාට කල් දැමුණි. එහෙත් ඇතැම් සීමා අද සිට ක්‍රියාත්මක බව බංග්ලාදේශ බලධාරීහු පවසති. එරටින් පසුගිය සිකුරාදා කොරෝනා ආසාදිතයන් 5869 දෙනෙකු හදුනා ගෙන තිබේ. වාර්තා වු මරණ සංඛ්‍යාව 108 කි.