FAST NEWS

24×7 Around the Globe

රංගන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු උපදේශක ලෙස පත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වන රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු උපදේශකවරයා ලෙස පත් කර තිබේ.

බංග්ලාදේශ සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලිය ලබන මස 7 වැනි දා හරාරේහිදී ආරම්භ වේ.

ඒ අනුව, රංගන හේරත් සිම්බාබ්වේ දේශයේදී බංග්ලාදේශ පුහුණු කාර්යය මණ්ඩලය සමග එක් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම වමත් දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන රංගන හේරත් බිඳ හෙළා ඇති මුළු ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 433කි.

මේ අතර දකුණු අප්‍රිකාවේ ඈෂ්වෙල් ප්‍රින්ස් ද බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයා ලෙස පත් කර ඇත.