FAST NEWS

24×7 Around the Globe

මයාමි හි මහල් ගොඩනැගිල්ලක් කඩා වැටිමෙන් 90 කට වැඩි පිරිසක් අතුරුදන්

(ෆාස්ට් නිව්ස් |  ෆ්ලෝරිඩා, ඇමෙරිකාව) – ඇමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ මයාමි හි මහල් ගොඩනැගිල්ලක් කඩා වැටිමෙන් පුද්ගලයන් 90 කට වැඩි පිරිසක් අතුරුදන්වී තිබේ. මිය ගිය එක් අයෙකුගේ සිරුර සොයා ගෙන ඇත.

ඊයේ (24) රාත්‍රියේ ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි නිවාසවල සිටි බොහෝ පිරිසක් නින්දේ පසුවු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි සිරවී සිටි 37 දෙනෙකු බේරා ගැනීමට සහන සේවකයෝ සමත්වුහ.

මෙම ගොඩනැගිල්ල මහල් 12 කින් සමන්විත විය. වසර 40 ක් පමණ පැරණි ගොඩනැගිල්ලේ වහලය පසුගියදා ප්‍රතිසංස්කරණය කර තිබේ. කෙසේ වෙතත් මෙය කඩා වැටිමට හේතුව මෙතෙක් අනාවරණයවී නැත.