FAST NEWS

24×7 Around the Globe

රනිල් 23දා ජය නැකතින් දිවුරුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රි ධුරය සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන 23 වන දා (බදාදා) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිතය.

වික්‍රමසිංහ මහතා ලබන 22 වන දා දිවුරුම් දීමට කලින් නියමව තිබුණත් ජය නැකත යෙදී තිබෙන්නේ 23 වන දා ට බව පක්ෂයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.