FAST NEWS

24×7 Around the Globe

කොරෝනා එන්නත ලබාගන්නා අයෙකුට ගංජා නොමිලේ

(ෆාස්ට් නිව්ස් | ඇමෙරිකාව) – ‘කොවිඩ් 19’ වෛරසයෙන් ආරක්ෂා වීමට, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගන්නා අවුරුදු 21 ට වැඩි ඕනෑම අයෙකුට නොමිලේ මර්ජුවානා (ගංජා – කංසා වැනි) ලබාදීමට ඇමෙරිකාවේ වොෂින්ටන් ජනපද බලධාරීන් තීරණය කර තිබේ. 

ඒ, එන්නත් ලබා ගැනීමට අදිමදි කරන ඇමෙරිකානුවන් දිරි ගැන්වීමක් ලෙසය. ‘ජොයින්ට්ස් ෆෝ ජැබ්ස්’ යනුවෙන් මෙම වැඩසටහන නම් කර තිබේ.

ඖෂධීය ගුණය සැලකිල්ලට ගනිමින්, ඇමෙරිකාවේ ප්‍රාන්ත බොහොමයක ඔසුහල් මගින් මර්ජුවානා විකිණීම සිදු කෙරේ.

වොෂින්ටනයේ එන්නත් ලබා ගන්නා අවුරුදු 21 ට වැඩි ඇමෙරිකානුවන්ට මර්ජුවානා ලබාදීම එම ඔසුහල් සම්බන්ධ කර ගනිමින් සිදුකරන බව වොෂින්ටන් බලධාරීන් පවසා ඇත.