FAST NEWS

24×7 Around the Globe

කිම් ජොන්ග් එරට වැසියන්ව භාහිර ලෝකයෙන් වසන් කරයි

(ෆාස්ට් නිව්ස් | උතුරු කොරියාව) – විදේශීය චිත්‍රපට, මොස්තර සහ ඇඳුම් සහිත වැඩසටහන් විකාශය කිරීම වළක්වමින් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් නව තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

එහි අරමුණ වන්නේ උතුරු කොරියානුවන් භාහිර ලෝකයේ තොරතුරු ලබා ගැනීම වැළැක්වීම බවත් , තරුණ ප්‍රජාව වෙනත් රටවල සංස්කෘතීන් වැළඳ ගැනීම වැළැක්වීම සඳහා බවත් එම වාර්තාවල දැක්වෙයි.

ඒ අනුව විදෙස් රටවල සිනමා පට සහ DVD පට නරඹන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා කිම් ජොන් උන්ග් විශේෂ ඒකකයක් ද පිහිටුවා තිබේ.

ඒ අනුව උතුරු කොරියාවේ ජනතාවට රටේ නායකයින්ට අවශ්‍ය දේ පමණක් ඇසීමට දැකීමට අවසර ලැබෙනු ඇත.