FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් නව ප්‍රභේද නම් කිරීම සඳහා නව ක්‍රමවේදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් නව ප්‍රභේද නම් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කර ඇත.   

ඒ අනුව මින් ඉදිරියට ග්‍රීක අක්ෂර යොදා ගනිමින් නව ප්‍රභේද නම් කෙරෙනු ඇති.

ඊට අනුව බ්‍රිතාන්‍ය ප්‍රභේදය කොවිඩ් ඇල්ෆා ලෙසත් / දකුණු අප්‍රිකා ප්‍රභේදය කොවිඩ් බීටා ලෙසත් / ඉන්දීය ප්‍රභේදය කොවිඩ් ඩෙල්ටා ලෙසත් හඳුන්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය.

ප්‍රභේද නාමකරණයේදී සිදුවන දුෂ්කරතා සැළකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එමෙන්ම රටක නමින් කොවිඩ් ප්‍රභේදයක් නම් කිරීම සම්බන්ධයෙන් පාර්ශව රැසක් නගා තිබූ විවේච්චනද මීට බලපා තිබේ.