FAST NEWS

24×7 Around the Globe

වසරේ පළමු මාස 3 තුළ කුරුඳු මෙට්‍රික් ටොන් 4,664 ක් අපනයනය කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වසරේ පළමු මාස 3 ඇතුළත කුරුඳු මෙට්‍රික් ටොන් 4,664 ක් අපනයනය කර ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.   

එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා සඳහන් කළේ ඉන් වැඩිම ප්‍රමාණයක් මෙක්සිකෝවට අපනයනය කර ඇති බවය.

මෙරට ප්‍රධාන කුරුඳු ගැණුම්කරු මෙක්සිකෝව බව ද ඔහු සඳහන් කළේය.