FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකාව සමග ශ්‍රී ලංකාව පුර්ණ තරඟාවලියක්.

වත්මන් ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායමවන දකුණු අප්‍රිකාව එළැඹෙන 2016/17 වසර සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තරග 03 ක්, 20 -20 තරග 03 ක් හා එක්දින තරග 05ක් ඇතුළත් පූර්ණ තරගාවලියක් ලබා දී තිබේ.

ඊට අමතර ව ඔවුන් නවසීලන්තයට ටෙස්ට් තරග 02 ක්ද, අයර්ලන්තයට එක්දින තරග 02 ක්ද, ඔස්ට්‍රේලියාවට එක්දින තරග 05 ක්ද ඇතුළත් නව තරග කාලසටහන එළිදක්වා තිබේ. මෙම සියලු තරග දකුණු අප්‍රිකාවේ දී පැවැත් වේ.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය 2016 දෙසැම්බර් මස 15 වැනි දා සිට 2017 පෙබරවාරි මස 03 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි.