FAST NEWS

24×7 Around the Globe

ඊශ්‍රායල සහ පලස්තීනය අතර සටන් විරාමයක්

(ෆාස්ට් නිව්ස් | ගාසා තීරය) – ඊශ්‍රායල සහ පලස්තීනය අතර සටන් විරාමයක් ඇති කරගෙන තිබෙන අතර , අද අලුයම 02 සිට එය බලාත්මක වීම ආරම්භ විය.  

ඊශ්‍රායල – පලස්තීන සටන්කාමීන් මෙන්ම අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විසින්ද සටන් විරාමය තහවුරු කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මේ අනුව දින 11 ක් පුරා පැවති ගැටුම් නතරවන අතර මෙම කාලය තුළදී ගාසා තීරයේ පුද්ගලයන් 232 දෙනෙකු සහ ඊශ්‍රායලයේ පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් තිබුණි.

මෙම සටන් විරාමය ඊජිප්තුව විසින් යෝජනා කර තිබූ අතර එහි කිසිදු පූර්ව කොන්දේසියක් අන්තර්ගත නොවීම විශේෂත්වයක්.