(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වස්ති ප්‍රඩක්ෂන් නිර්මාණය කළ ‘ලයිට් උපාලි’ නිර්මාණයේ හිටපු අමාත්‍යය මංගල සමරවීර මහතා රංගනයෙන් දායක වීම මේ වනවිට සමාජය තුළ දැඩ් කතාබහක් ඇති වී තිබෙනවා. කෙසේ වෙතත් මේ ගැන අදහස් දක්වන වස්ති නිර්මාතෘ අනුෂ්ක උදාන පවසන්නේ මංගල සමරවීර මහතාගේ චරිතය සඳහා රන්ජන් රාමනායක මහතා යොදාගැනීමට සැලසුම් කර තිබූ බවයි.
“ඔය මංගල සර්ගේ චරිතයට එන්න හිටියේ රන්ජා. රන්ජන් රාමනායක මහතා. එයා නළුවෙක්නේ. එයා දේශපාලන චරිතයක් වුණත් මට එයා නළුවෙක්. මේ වැඩේ ප්ලෑන් කරගෙන ඉන්නකොට මේ මනුස්සයාව අල්ලලා හිරේ දැම්මනේ. එතකොට ස්ක්‍රිප්ට් එක ලියලා ඔක්කොම වැඩ ප්ලෑන් කරලත් ඉවරයි. මට රජෙක් කියලා මොකක් හෝ චරිතයක් ගෙන්න ඕනේ වුණේ නැහැ.
කොහොමහරි රන්ජන් රාමනායක මහතාගෙ තැනට විවිධ චරිත මගේ ඔළුවට ආවා. ඒ අතරෙ මංගල සමරවීර මහත්තයා ටික්ටොක් කරනවා කියලා ඔළුවට ආවා. මං දැකලත් තියෙනවා. “මම දැන් ටික්ටොක් කරනවා, රිලැක්ස් එකේ ඉන්නවා” කියලා මම දැක්කා ඔහු ඉන්ටර්විව් එකකත් කියනවා. මගේ ඉතාම ළඟම යාළුවෙක් වන සමීර අයියා තමයි මංගල සමරවීර මහත්තයගෙ ලේකම්. මම සමීර අයියාගෙන් ඇහැව්වා මගේ වැඩකට සර්ට එන්න කිව්වොත් සර් එයිද කියලා. “අපෝ එයි, දැන් එයා එයාගේ පාඩුවේ දේශපාලනයෙත් නැති නිසා වැඩ කරගෙන සැහැල්ලුවෙන් ඉන්නවා” කිව්වා. මම මංගල මහත්තයාගෙන් අහපු ගමන් ඔහු කිව්වෙ නැහැ “හරි මම රඟපාන්නම්” කියලා. මම ගිහින් කතා කරලා, ස්ක්‍රිප්ට් එක මොකක්ද කියලා අහලා ඒ වගේ කතාබහක් වෙලා තමයි ඔහු මේ වැඩේට කැමති වුණේ. මම විශේෂයෙන් ඔහුගෙ දකින මහත්මා ගතිය තමයි ඔහු අපහාසය සහ උපහාසය තේරුම්ගන්න පුළුවන් මනුස්සයෙක් කියන එක. අපේ මිනිස්සුන්ට නැති එකම දේ තමයි අපහාසය සහ උපහාසය තේරෙන්නේ නැති එක.”









