FAST NEWS

24×7 Around the Globe

ටවුටේ හානිය බලන්න මෝදි අද ගුජරාට් ප්‍රාන්තයට

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – ටවුටේ සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳ විමසා බැලීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ගුජරාට් ප්‍රාන්තය වෙත පිටත්ව යාමට නියමිතයි.   

මෙම කුණාටුව හමුවේ මේ වනවිට ඉන්දියාවෙන් පුද්ගල මරණ 07 ක් වාර්තාවී ඇති අතර නිවාස 16 000 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී තිබේ.

හෙට වනවිට ටවුටේ සුළි කුණාටුවේ ප්‍රබලත්වය අඩුවනු ඇති බව සඳහන්.