FAST NEWS

24×7 Around the Globe

සුව ඇමතිනීට ධූරය එපා වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ දිනවල කොරෝනා ව්‍යාප්තියේ ඉතා ඉහළ ව්‍යාප්තියත් සමග සුව ඇමතිනී ඉතා කණගාටුවෙන් සිටින බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තාවල සඳහන් වේ.   

ඊට හේතුව වී තිබෙන්නනේ ඇය විසින් ගනු ලබනා බොහෝ තීන්දු තීරණ වලට අනුමැතිය හිමි නොවීමයි.

මේ නිසා ඇය ඇගේ හිතවතුන් සමග පවසා තිබෙන්නේ “දැන්නම් මට මේක එපා වෙලා තියෙන්නේ” කියලා.

කොවිඩ් සම්බන්ධයෙන් ප්‍රශ්නවලදී මාධ්‍ය ඉදිරියට පැමිණීමටත් ඇය අදිමදි කර ඇත්තේ මාධ්‍යවේදීන් නගන ප්‍රශ්න වලට පිළිතුරු ලබාදිය නොහැකි බව පවසමින්.

කෙසේනමුත් ඇගේ දේශපාලන හිතවතුන් පවසා තිබෙන්නේ කලබල නොවී තවදුරටත් මේ ගැටළුව විසඳා ගන්නා ලෙසයි.

තවදුරටත් ඇගේ තීන්දු තීරණ ක්‍රියාත්මක කරගැනීමට ඉඩ දුන්නේ නැතිනම් ලියුමක් දී තනතුරෙන් ඉල්ලා අස්වන බවටත් පවසා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.