FAST NEWS

24×7 Around the Globe

ටෙලිකොම් ලාභ ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය මේ වසරේ පළමු කාර්තුවේ රුපියල් කෝටි 2470 ක ආදායමක් ලබා ඇතැයි ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රෝහාන් ප්‍රනාන්දු මහතා පවසයි.   

ටෙලිකොම් සමූහයේ බදු පසු ලාභය රුපියල් කෝටි 120ක් වූ අතර එය පසුගිය වසරට සාපෙක්ෂව 14.3 % ක වර්ධනයක්යැයි ද සභාපතිවරයා පවසයි.

මේ අතර ටෙලිකොම් සමූහයේ ආදායම පෙර වසරට සාපේක්ෂව 11.4 % කින් වර්ධනය වී ඇති බව ද කාර්තුව තුළ මෙහෙයුම් මුදල් ප්‍රවාහය රුපියල් කෝටි 1220 දක්වා තුන් ගුණයක වර්ධනයක් ලබා ඇතැයි ද සභාපතිවරයා කියයි.