FAST NEWS

24×7 Around the Globe

නීති නොතකමින් රිවර්සටන් ගිය ඇමති දියණිය කූඩැල්ලන් කා රෝහලේ

(ෆාස්ට් නිව්ස් | මාතලේ) – ඇමතිවරයෙක්ගේ දියණියක් මාතලේ රිවර්ස්ටන් ප්‍රදේශයේ සංචාරක බංගලාවක සති අන්ත නිවාඩුව ගත කිරීමට ගොස් සිටියදී සිදු කූඩැල්ලන් කෑමෙන් තුවාල වී රෝහල්ගත වී ඇතැයි සමාජ මාධ්‍ය ජාලාවල පුවතක් හුවමාරු වෙයි.   

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබියදී ඇය මෙලෙස මෙම සංචාරයේ යෙදී ඇති බව ද වාර්තා වෙයි.

ඇමති දියණිය සමග ඇගේ මිතුරු මිතුරියන් පිරිසක්ද මෙම ගමන සඳහා එක්ව ඇතැයිද එම වාර්තාවල සඳහන්.

තුවාල ලැබූ ඇමති දියණිය කූඩැල්ලන් කෑම නිසා රෝහල් ගතකර ඇත්තේ ඇමතිවරයාගේ ප්‍රභූ ආරක්ෂකයින් විසින් බවත් එම ඇමැතිවරයා ව්‍යඹ පළාත නියෝජනය කරන ඇමතිවරයෙකු බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.